If you cant read this page click here to get Sinhala Unicode. >>> eight ball

ගෙදර තියන ප්ලග් පොයින්ට් User friendly වෙන්න Modify කරමු.

සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තියන ප්ලග් පොයින්ට් එකකට පින් දෙකේ ප්ලග් එකක් ගහන්න ගියාම Earth එකටත් පෑනක් හරි මොකක් හරි ගහන්නම වෙනව. මොකද එහෙම නැත්නම් පහලින් තියන ප්ලග් එක ගහන්න ඕන සිදුරු දෙක ආවරණය වෙලයි තියෙන්නෙ. ඒක එහෙම ආවරණය කරල තියෙන්නෙ භාවිතා කරන්නන්ගෙම ආක්ෂාවට තමයි. ඒක නිසා අපේ වැඩේට බහින්නත් ඉස්සෙල්ල මුලින්ම කියන්න ඕන මේ Modification එක  පුංචි ළමයි එහෙම ඉන්න, User safety වැඩිපුර ඕන තැනක තියන ප්ලග් පොයින්ට් වලට කරන්න එපා. ඒ වගේම 230V එක්ක වැඩකරන්න වෙන නිසා තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. අවශ්‍ය අරක්ෂක උපක්‍රම අනුගමනය කරන්න.

ඇත්තටම මේක මම ඔයාලට කියලදුන්නට මට මේ අදහස දුන්නේ මගේ යාලුවා අසංක. ඒ නිසා ඉස්සෙල්ලම එයාට ස්තුතිවන්තවෙන්න ඕන මේ අදහසට (පස්සේ වෙලාවක කඩල ගොට්ටක්වත් අරන්දෙන්න බැරියැයි). හරි හරි වල්පල් නැතිව දැං ඉතිං අපි අපේ වැඩේ පටන් ගමුකො. මුලින්ම බොහොම පරිස්සමට කඩාගන්නෙ, කරන්ට් වද්දගන්නෙ නැතිව මෙන්න මෙහෙම බිත්තියේ තියන ප්ලග් පොයින්ට් එක ගලවගන්න ඕන.



ඊලගට ප්ලග් එක පිටිපස්සෙ තියන මෙන්න මේ කලුපාට ආවරණ කොටසත් ඉවත් කරගන්න ඕන.



උඩ තිබුන ඒ ආවරණයත් ඉවත් කලාම මේ විදියට තමයි අපිට පේන්නෙ. මෙන්න මේ ඊතලෙන් පෙන්නලා තියන කලුපාට කෑල්ලෙන් තමා අර මම මුලින් කියපු විදියට අපි ප්ලග් එක ගහන සිදුරු දෙක ආවරණය වෙන්නෙ. දැං මෙන්න මෙ පුංචි කොටසත් එතන තියන ස්ප්‍රින් එක නැතිකරගන්නෙ නැතිව පරිස්සමට ගලවගන්න ඕන.


දැං මෙන්න මේ කලුපාට කොටසේ පහළ පැත්තෙන් පහල රූපයේ පේන විදියට පුංචි සිදුරක් හදාගන්න ඕන නූලක් දාන්න පුලුවන් වෙන්න. මේකනම් ටිකක් පිරිස්සමට කලබල නැතිව කරගන්න ඕන. මොකද මේ කොටස ඒතරම් ගනකම් නැති නිසා කැඩෙන්න පුලුවන්. මේ සිදුර හදාගන්න හොදම විදිය තමයි හැට්ට කටුවක් (ආය කටුවක්) හොදට රත් කරල හිමින් විදගන්න එක. සිදුර පුංචි වෙන තරමට හොදයි. මොකද එතකොට ඒ කොටසේ සවි ශක්තිය අඩුනොවී තියනව. මීලගට ටිකක් හයිය නූලක් අරන් අර සිදුරෙන් දාල නූලේ උඩ පැත්තෙන් ගැටයක් දාගන්න ඕන නූල සිදුර හරහා පහලට ඇදිල නොඑන විදියට. (සපත්තු මහන්න ගන්න තංගුස් නුල්නම් වැඩෙට කියාපුම බඩු)


ඔන්න අපේ ප්‍රධානම වැඩේනම් ඉවරයි. දැං ප්ලග් එකේ ඉස්සරහ සුදුපාට කොටස අරං ඒකෙත් පහළ පැත්තෙන් මෙනන් මේ ඊතල වලින් පෙන්නලා තියනව වගේ පුංචි සිදුරු දෙකක් හදාගන්න ඕන මේ නූල ප්ලග්පොයින්ට් එකෙන් එලියට ගන්න.



අර නූල මෙන්න මේ සිදුරු දෙක හරහ මේ වගේ එලියට අරන් ප්ලග් පොයින්ට් එකේ ගලවපු කෑලි බෑලි ටික තබුන විදියටම ආපහු හයිකරගන්න ඕන. දැං ඔය රූපෙ පේන විදියට නූලේ අගට ප්ලාස්ටික් මුද්දක් ගැටගහගත්තම අපේ වැඩේ ඉවරයි.  දැං ප්ලග් එක තිබුන විදියටම ආපහු බිත්තියට හයිකරන්නයි තියෙන්නේ.


















ඔන්න ඉතිං ආයෙමත් පෑන් හොයන්න ප්ලග් කඩාගන්න ඕන නෑ. ප්ලග් එකක් ගහන්න ඕනනම් ප්ලග් පොයින්ට් එකේ පහලින් තියන මුදුවෙන් පහලට ඇදල ප්ලග් එක ගහන්න පුලුවන්. ඔයාලත් හදල බලල කොහොමද වැඩේ කියල මට කියන්නකො. හැබැයි ඉතිං ගෙදර තියන ප්ලග් පොයින්ට් ඔක්කොම හිල්කරල කියල මට වගේ ඔයාලටත් ගෙදර අය හෝ... ගාල බනිනකොට බේරෙන්න විදියක්නම් ඔයාලටම හොයාගන්න වෙයි.

6 comments:

  1. If you have small kids playing around in the house, this is a death trap!

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන්ම තාක්ෂණය කියන එක ඔලුව යන්තම්වත් පාවිච්චි කරල තැනට උචිත විදියට යොදාගන්න ඕන යාළුවේ. පරිස්සමෙන් පාවිච්චි නොකළොත් ගෙදර තියන ගෑරප්පුවක් උනත් death trap එකක් වෙන්න බැරි නෑ. :)

      Delete
  2. හොඳ වැඩක්. නියමයි.

    http://prasadsirinayake.blogspot.com/

    ReplyDelete