If you cant read this page click here to get Sinhala Unicode. >>> eight ball

වයර්ලස් ටෙස්ටරය

මේ ලිපියෙන් මම කියන්න යන්නේ වෝලට් 3කින් වගේ අඩු විදුලියකින් වැඩකරන වයර්ලස් ටෙස්ටර් එකක් ගැන. ඇත්තටම කිව්වොත් මේක AC කරන්ට් එක ඩිටෙක්ට් කරන්න පුලුවන් පුංචි සර්කිට් එකක්. සාමාන්‍යයෙන් අපි භාවිතාකරණ නියෝන් ටෙස්ටර් එකක කට වඩා මේකෙ තියන විශේෂත්වය තමයි විදුලි වයරයක් සමග ස්පර්ෂ කිරීමකින් තොරවම වයර් එකේ විදුලිය ඇති නැති බව දැනගන්න පුළුවන් එක. මේ හැකියාව නිසා අපිට දිග වයර් ‍රෝලක මැදකින් කැඩිල තියන තැනක් උනත් වයර් එක කපල බල්න්නේ නැතිව පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. මේ භාන්ඩෙ e-bay එකෙනුත් මිලදී ගන්න පුළුවන්. මේ පහත තියන එක e-bay එකේ ඇමරිකන් ඩොලර් 6ක් 7ක්වෙනව.








ඒත් ඉතින් අහක දාන කෑලි බෑලි වලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් එකේ මොකටද අතින්කයිට් කරගන්නේ නේද? පොරවගේ කයිය ගහුවට ඉතින් මමත් ඇත්තටම මේක හදන්න ඕන කරන අඩුම පුඩුම ටිකනම් අළුතින්ම මිලදීගත්ත. ගලවගන්න අහල පහල මෙලෝ ඩෙයක් තිබුනෙ නෑ. කොහොම උනත් ඔක්කොටම ගියේ රුපියල් 30ක් විතර.  දැන්කාලෙනම් ආප්පයක් කාල ප්ලේන්ටියක් බොන ගානනේ ;) . කොහොම උනත් ඔයාලට මේකට  ඕනම pnp සහ  npල  දාල හදල බල්න්න පුළුවන්. හැබැයි කලින් කිව්ව වගෙ e-bay එකෙන් මේ ටෙස්ටර් එක මිලදී ගන්නවනම් රුපියල් 500ක්  1000ක්  වගෙ ගානක් වෙනව. ඒකෙ පිට ඔපේනම් ටිකක් හොදයි අපි අටව ගන්නවට වඩා. වැඩි කතා නැතිව දැන් කෙලින්ම අපි අපේ වැඩේට බහිමුකෝ. මෙන්න මේක තමයි ලට්ට ලොට්ට ටික ගානට ගලපලා අමුණාගන්න ඕන සර්කිට් එක.




මේක හදගත්තටම හරියන්නෙත්  නෑනෙ. මේකෙන් වැඩ ගන්න හැටිත් පොඩ්ඩක් දැනග්න්න එපැයි. මම වයර් එකක කැඩුනු තැන හොයගන්න විදිහ කෙටියෙන්ම කියන්නම්කෝ. මුලින්ම කැඩුනු වයර් එක අරගෙන වයර් එකේ එක කොනක්  ගෙදර තියන 230v ප්‍රධාන විදුලි සැපයුමේ සජිවී ( live) අග්‍රයට සම්බන්ද කරගන්න ඕන. ඊට පස්සේ අපි හදාගත්තු ටෙස්ටර් එක වයර් එක කිට්ටුවට ගෙනවම වයර් එක ප්‍රධාන විදුලි සැපයුමේ සජිවී ( live) අග්‍රයට සම්බන්දනම් ටෙස්ටෙර් එකේ ලයිට් එක පත්තුවෙනව. ටෙස්ටෙර් එකේ සන්වේදක කොටස වයර් එක දිගේ හෙමින් ඉදිරියට අරන් යනකොට ටෙස්ටර් එකේ නිවෙනවනම් ඒකෙන් කියන්නෙ එතනින් එහාට වයර් එක ප්‍රධාන විදුලි සැපයම එක්ක සම්බන්ද නෑ කියන එක. ඒ කියන්නේ වයර් එක එතනින්   කැඩිල. මේවගේ ගොඩක් ප්‍රයෝජන මේකෙන් ගන්න පුලුවන්. මේ පරිපතේ තියන විචල්‍ය ප්‍රතිරොධකය මගින් ටෙස්ටර් එකේ සන්වේදීතව වෙනස්කරගන්න පුලුවන්.

(මම හැදුව එකෙ වීඩියෝ එකක් ලන්ගදිම දාන්නම් හොන්දේ.)

No comments:

Post a Comment