If you cant read this page click here to get Sinhala Unicode. >>> eight ball

නොදන්න ට්‍රාන්සිස්ටරයක අග්‍ර හොයාගමු.

ට්‍රාන්සිස්ටරයක Emitter, Collector සහ  Base අග්‍ර හරියටම දන්නෙ නැත්නම් හරිම පහසුවෙන් අපිට ඒව හොයාගන්න පුලුවන්. වැඩේට ඕනකරන්නෙ මල්ටිමීරයකුයි 100kΩ රෙසිස්ටරයකුයි විතරයි. මල්ටිමීරය ඇනලොග් එකක්නම් තමයි වැඩේ පහසු. ඒ කියන්නෙ කටුව යන එකක්.




               සීන් එක කරන්නෙ මෙන්න මෙහෙමයි. මුලින්ම මල්ටිමීටර් එක ඕම් (Ω) ස්කේල් එකට දාගන්න ඕන. ඊටපස්සේ මල්ටිමීටරේ අග්‍ර, සිංහලෙන් කිව්වොත්  Terminel දෙක මාරුවෙන් මාරුවට ට්‍රාන්සිස්ටර් එකේ පින් එකින් එකට  තියල පොදු අග්‍රය හොයාගන්න ඕන. සරලවම කිව්වොත් එක ටර්මිනල්  එකක් ට්‍රාන්සිස්ටර් එකේ එක පින් එකක තියාගෙන අනිත් ටර්මිනල් එක ට්‍රාන්සිස්ටර් එකේ ඉතිරි අග්‍රදෙකෙන් කොයි එකේ තිබ්බත් මල්ටිමීටර් එකේ  කටුව උත්ක්‍රමනයක් පෙන්වන්න ඕන. මෙන්න මේ පොදු අග්‍රය තමා ට්‍රාන්සිස්ටර් එකේ ‍බේස් එක. මේ වෙලාවෙදි  පොදු අග්‍රය නැත්නම් ‍බේස් එකට සම්බන්දව තියෙන්නෙ ඕම් මීටර් එකේ ඇනෝඩ් එකනම්  (+) ට්‍රාන්සිස්ටර් එක NPN වර්ගයේ ට්‍රාන්ස්සිස්ටර් එකක්, සම්බන්දව තියෙන්නෙ ඕම් මීටර් එකේ කැතෝඩ් එකනම් (-) ට්‍රාන්සිස්ටර් එක  PNP වර්ගයේ එකක්. ඊටපස්සෙ තමයි කට්ටිය ටපලගන්න කෑල්ල තියෙන්නෙ. ඒකියන්නෙ එමිටර් එකයි (E)කලෙක්ටර් එකයි (C)හොයන එක. ඒක කරන්නෙ මෙහෙමයි. මුලින් කිව්වනෙ ට්‍රාන්සිස්ටර් එක NPN නම් ඇනෝඩ් එකෙනුත් PNP නම් කැතෝඩ් එකෙනුත් බේස් එක පෙන්නනව කියල. කලෙක්ටර් එකත් පෙන්නන්නෙ මේවිදියටමයි. NPN නම් ඕම් මීටර් එකේ ඇනෝඩ් එකෙනුත් PNP නම් ඕම් මීටර් එකේ කැතෝඩ් එකෙනුත් තමා කලෙක්ටර් එක පෙන්වන්නෙ. හොයාගන්නෙ මෙහෙමයි. හිතමුකො මේක NPN ට්‍රාන්සිස්ටර් එකක් කියල. දැන් 100kΩ රසිස්ටර් එක අරන් බේස් එකටයි ඉතිරි පින් දෙකෙන් එකකටයි සම්බන්ද කරනව ඒ පින් එක තමා කලෙක්ටර් එක කියල උපකල්පනය කරල. ඉතිරි පින් එකට මල්ටිමීටර් කැතෝඩ් එකයි (-) කලෙක්ටර් එක කියල උපකල්පනය කරපු එකට ඇනෝඩ් (+) එකයි තියල මල්ටිමීටර් එකේ උත්ක්‍රමනය බලනව. ඊටපස්සෙ අනිත් පින් එක තමා කලෙක්ටර් එක කියල උපකල්පනය කරල රසිස්ටර් එක ඒ පින් එකටයි බේස් එකටයි සම්බන්ද කරල ඕම් මීටර් එකේ කැතෝඩ් එක (-)  නිදහස් අග්‍රයටත් ඇනොඩ් එක (+) දැන් රසිස්ටර් එක සම්බන්ද පින් එකටත් තියල උත්ක්‍රමනය බලනව. අවස්ථා දෙකේදිම කටුව උත්ක්‍රමනය උනාට එක අවස්ථාවකදි විතරයි වැඩි උත්ක්‍රමනයක් පෙන්‍වන්නෙ. අන්න ඒ වෙලාවෙදි ඕම් මීටර් එකේ ඇනෝඩය සම්බන්ද පින්එක ( රසිස්ටර් එක සම්ඉන්ද පින්එක) තමා කලෙක්ටර් එක. ඉතිං එතකොට ඉතිරි පින් එක කොහොමත් එමිටර් එකනේ. ට්‍රාන්සිස්ටර් එක PNP උනත් හොයන ක්‍රමේ මේකමයි. මාරුවෙන්නෙ ටර්මිනල් දෙක විතරයි. රසිස්ටරය සම්බන්ද පින්එකට කැතෝඩ් එකත් නිදහස් අග්‍රයට ඇනෝඩ් එකත් තියල මුලින් වගේම මාරුවෙන් මාරුවට උත්ක්‍රමනය බලනව. එතකොට වැඩි උත්ක්‍රමනයක් පෙන්වන අවස්තාවෙ  කැතෝඩ් එකෙන් PNP වල කලෙක්ටර්එක පෙන්නනව.  සිම්පල් කේස් එකක් නේද? එහෙමත් නැත්නම් දෙමළෙන් ඉංග්‍රීසි ඉගෙනගත්ත වගේද? හරි හරි කලබලවෙන්න එපා, මෙන්න කරනවිදිහ වීඩියෝ එකකින්ම බලාගන්නකො.



1 comment:

  1. වැදගත් ලිපියක්.දිගටම කරගෙන යන්න.

    ReplyDelete