If you cant read this page click here to get Sinhala Unicode. >>> eight ball

Wednesday

වයර්ලස් ටෙස්ටරය


ඔයලත් කවද හරි ඔයාලගේ ෆෝන් චාජර් එක වැඩ නැතිව ගියාම වයර් එක කැඩුනු තැන හොයාගන්න බැරිව  එහෙන් මෙහෙන් තැනින් තැනින් වයර් එක කපල අමාරුවේ වැටිල තියනවද? ඒ විතරක්ම නෙවෙයි, දිගට තියන ඕනම වයර් කෝඩ් එකක් මැදින් කොතනින් හරි කැඩුනම කරන්න තිබුන එකම වැඩේ ඕකතමයි. මොකද මටනම් ඉතින් ඒවගේ අකරතැබ්බ අනන්තවත් වෙලා වයර් රෝල් පිටින් අහක දාන්න වෙලා තියනව. හැබැයි මම මේ කියන්න යන ගැජමැටික් කෑල්ලට පින්සිද්දවෙන්න වයර් එක එහෙන් මෙහෙන් කපන්නේ කොටන්නේ නැතිව කඩුනු තැන හොයාගන්න පුළුවන්.


තවදුරටත්...


Tuesday

ප්ලග් පොයින්ට් එකට පොඩි Modify පාරක් දාමුද?

 ඔයාලත් තාම ගෙදර තියන ප්ලග් පොයින්ට් (Wall Socket) එකට TVඑක, Phone chargerඑක, වෙන ඕනම පින් දෙකේ ප්ලග් එකක් හරි ගහන්න ගියාම පෑන්, පැන්සල් එහෙම නැත්නම් කොටුකෑලි එහෙම හොයනවද? මොකද ඉතිං පින් දෙකේ ප්ලග් එකක් ගහන්නනම් ඉස්සල්ලම Earth එකට මොකක් හරි එකක් ගහලම ඉන්න එපැයි. සමහර විට මට වගේම ඔයාලටත් ගහන්න ඕන ප්ලග් එකම හරහට Earth එකට ගහල ප්ලග් ඇදවෙලා, ට්‍රිප් ඕෆ් වෙලා එහෙම ඕන තරම් අත් දැකීමුත් ඇති. ඉතිං මම මේ හදන්නෙ ඒ කරදරටික නැතිකරං ප්ලග් එකත් බේරං ආරක්ෂාවත් ඒ විදියටම තියාගෙන දෙයියනේ කියල ලේසියෙන් ප්ලග් එකක් ගහන්න පුලුවන් විදියට ප්ලග් පොයින්ට් එක චුට්ටක් Modify කරගන්න හැටි කියල දෙන්න.


තවදුරටත්...

Saturday

 OLED ගැන දන්නවද?
CRT, LCD වගේ වචන අපිට හොදට අහල පුරුදු වචනනේ. ඒ වචන ගොඩටම ටිකකාලෙකට කලින් එකතු උන වචනයක් තමයි LED කියන්නෙ. ඒ කියන්නෙ හැමෝටම වගේ LED TV එකක් ගන්න, LED Monitor එකක් ගන්න පුදුම උනක්නෙ තිබුනේ. ඔන්න ඔය අතරෙම තමයි මේ OLED කියල අලුත් භාන්ඩයක් කරලියට එන්නේ. ඇත්තටම මොකක්ද මේ අලුත ආව OLED තාක්ෂණේ?

තවදුරටත්...

Monday

Portable ෆොන් චාජර් එකක් ඕනද?

ඕනද කියල ඇහුවෙ එකක් දෙන්න නම් නෙවෙයි. ඕනනම් ගෙදරදිම එකක් හදාගන්න විදය කියල දෙන්න. මේක Portable ෆෝන් චාජර් එකක්. අපි සාමාන්‍යයෙන් මිලදීගන්න ඕනම ෆෝන් චාජර් එකක Portable කියල ගහල තිබුනට ෆෝන් එක චාර්ජ්කරන්න ගියාමනම් අපේ චාජර් එකත් උස්සන් ඒක ගහන්න තැනක් හොයාගෙන යන්නම වෙනව. ඒත් මම මේ කියලදෙන්න හදන චාජර් එක වැඩකරන්නෙ AA ප්‍රමාණයේ 1.5V බැටරි එකකින් නිසා ඕනම තැනකදි ෆෝන් චාජ් කරගන්න පුලුවනි.


තවදුරටත්... 

Wednesday

Emitter, Collector, Base දන්නෙ නැද්ද?


           
  ලට්ට ලොට්ට පිටුවෙ අපි ඉතිං වැඩවලට ගන්නෙ අනිත් අයට මෙලෝ වැකට නැති දේවල්නෙ. අනික අපේ වැඩවලට ඕන බඩු සල්ලි දීල ගන්න ඕන ඇයි නිකං හොයාගන්න පුලුවන්නම්. විශේෂයෙන් සර්කිට් එකක් එහෙම හදනවනම් නියම වැඩේ තමයි ඕන කෑලි කැඩුන පරන ඉලෙක්ටොනික් උපකරනෙකින් ගලවගන්න එක. ඔය ඕනතරම් තියෙන්නෙ මෙලෝ රහක් නැති රේඩියෝ එහෙම. කඩේ නැති ගොඩක් ඒව හොයාගත්තැකි. රෙසිස්ට්, කන්ඩෙන්සර මෙහෙම මේවගෙන් ගලවගත්ත කියමුකො. කෙලිය තියෙන්නෙ ට්‍රාන්සිස්ටර් වල තමයි. කොහොමද යකෝ මේවගෙ එමීඑර්, කලෙක්ටර්, බේස් හොයාගන්නෙ??? කේස් එක හරිම සිම්පල්.

                                                                    තවදුරටත්...