If you cant read this page click here to get Sinhala Unicode. >>> eight ball

1.5v බැටරියකින් වැඩකරන ෆෝන් චාජරයක් හදමු...!

වැල් වටාරං නැතිව කෙලින්න වැඩේට බහිමුකෝ. මම මේ පෝස්ට් එකෙන් කියලදෙන්න යන්නෙ 1.5V AA ප්‍රමාණයේ ඒ කියන්නෙ අපි සාමාන්‍යයෙන් පෙන්ටොච් බැටරි කියන වර්ගයේ තනි බැටරියකින් වැඩකරන ෆොන් චාජර් එකක් හදාගන්න විදිහ. හැමදාම වගේ මේක අටවගන්නත් ඉතිං පාවිච්චිකරන්නෙ ලේසියෙන්ම හොයාගන්න පුලුවන් පරන ලට්ට ලොට්ට ටිකක් තමයි. අලුතින්ම මේකට ඕනකරන බඩු ඔක්කොම මිලදීගත්තත් වැයවෙන්නෙ රුපියල් පනහකටත් වඩා අඩුගානක්. හැබැයි මේ ජාතියේ චාජර් එකක් වෙලදපොලේ රුපියල් 400කට ආසන්න ගානක් වෙනව.

අපේ වැඩේට මේන්න මේව තමයි ඕනකරන්නෙ

C 9013                     1
470uf                        1
2200uf                      1
50 Ω (Ohm)              1   (කොළ, කලු, කලු)
5.1v  Zener diode      1
1N4001                    1 


පරන පොකට් රේඩියො කටුවක් හොයාගන්න පුලුවන්නම් C9013 ට්‍රාන්සිස්ටර් ඕනතරම් ගලවගන්න පුලුවන්. මේක NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර් එකක්. මේකෙත් මම කලින් පොස්ට් එකක කියලදුන්න joule thief සර්කිට් එක වගේම oscillator සර්කිට් එකකුත් තියනව. ඒනිසා මේකටත් C9013 වෙනුවට C828 වගේ බොහෝ NPN ට්‍රාන්සිස්ටර් බාවිතාකරන්න පුලුවන්. අනිත් කෑලි බෑලි ටිකත් ඉතිං ගොඩක්වෙලාවට ඒකෙන්ම හොයාගන්න පුලුවන්වෙයි. කැඩුන ෆොන් චාජර් එකකුත්නම් හොයාගන්න. ඒකෙන් තමයි 5.1v  Zener diode එක ගලවගන්න වෙන්නෙ. ආ චාජර් එකේ මැද තියනව නේද පුංචි ට්‍රාන්ස්ෆෝමර් එකක්? අන්න ඒකත් පින් කඩාගන්නෙ නැතිව පරිස්සමට ගලවලන්න ඕන. ම්...  දැං තියෙන්නෙ මේටික හරියට අමුගන්න වැඩේ.

මේක තමයි සර්කිට් එක





සමහර අය ට්‍රාන්ස්ෆෝමර එකක්, කොයිල් එකක් දැක්ක ගමන් වැඩේ අතාරිනවනේ. මේකෙත් ඔන්න එහෙම අයිටම් එකක් තියනව. හැබැයි වැඩේ අතාරින්න ඕන නෑ. පට්ටම සරල එකක්. 30AWG කොයිල් එකෙන් වට 5යි 24AWG කොයිල් එකෙන් වට 6යි. පොතේ හැටියට මේක පොඩි ෆෙරයිට් එකක ඔතාගත්තම වැඩේ හරි. ඔයාලට මතක ඇතිනේ කලින් "බැටරි මාරයා" හදනකොට ඔතපුකොයිල් එක. ඒ කෙනුත් මේක නියමෙට වැඩකරනව. මම වගේ ඒක ආය ඔතාගන්නත් කම්මැලි අයට තමයි මම ඉස්සෙල්ල කිව්වෙ පරන ෆෝන් චාජර් එකක් හොයාගෙන ඒකෙ තියන ට්‍රාන්ස්ෆෝමර් එක ගලවගන්න කියල. (මම මේ දෙවිදියමටම ටෙස්ට් කලා).


ඔයාලට පෙනේවි මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ මෙන්න මේ විදියට එකපැත්තක පින් දෙකකුත් අනිත් පැත්තෙ පින් හතරකුත් තියනව. ඒ පින් හතරක් තියන පැත්තේ එකපැත්තක ඉදන් පිළිවලට පළවෙනි පින් එක ඊට කෙලින්ම උඩින් තියන පින් දෙක පැත්තෙ පින් එකට පාස්සගන්න. 




ඒක තමයි රූපයේ B කියල නම්කරල තියෙන්නේ. C කියන එක තමා පින් 4ක් තියන පැත්තේ දෙවෙනි පින් එක. A කියන්නෙ පින් 2ක් තියන පැත්තේ ඉතිරි පින් එක. හරියට මේක ටපලගන්නෙ නැතිව අටවගත්තනම් වැඩේ ගොඩ. දැං in කියන තැනට 1.5v බැටරි එකක් තියල බලන්නකෝ. Out put එකෙන් 5.1v එනව නේද? ඔන්න ඔයාලටත් එහෙනම් දැං ඔයාලම හදාගත්ත ෆොන් චාජර් එකක් තියනව. 




මේක පුංචියට ලස්සනට පොඩි බොක්ස් එකකට දාගත්තනම් වටිනාකම තවත් වැඩිවෙයි. 
ඔයාලත් හදල බලලම මට වැඩි විස්තර කියන්නකෝ...











7 comments:

  1. නියමයි නියමයි.

    ReplyDelete
  2. එළ. මේකේ සමාන්‍ය AA බැටරි කෑල්ලක් කොච්චර වෙලා වගේ වැඩකරනවද ?

    ReplyDelete
  3. කොල්ල වැඩකාරයා නියමයි

    ReplyDelete
  4. නියමයි මචං.... සුපිරි පොරක් උඹ නම්

    ReplyDelete
  5. සිරාවටම පට්ට පොරක් මේවගේ එව තව ලියන්න.

    ReplyDelete
  6. කියල වැඩක් නෑ මල්ලි උඔනම් මාර වැඩකාරය තව දන්න දේවල් අපට කියන්න

    ReplyDelete
  7. I C චජෙර් එක්ක මේක වැඩ කරන්න උස්සහ කරනවා....

    ReplyDelete