If you cant read this page click here to get Sinhala Unicode. >>> eight ball

බැටරි මාරයා...!

         මේ නම වගේම තමයි මේකෙන් ගන්න පුලුවන් වැඩත්. බැටරි වල තියන කරන්ට් එක අන්තිම දශමෙටම ඇදල ගන්න මේකට පුලුවන්. ඒකයි මම මෙයාට බැටරි මාරය කිව්වෙ. සාමාන්‍යයෙන්  තනි 1.5V බැටරියකින් LED බල්බ් එකක් පත්තුකරන්න බෑ කියල LED බල්බ් එකක් හීනෙන් දැකල තියෙන එකෙක් උනත් දන්නවනෙ. හැබැයි මේ පරිපථය හරහනම් අපිට ඒ වැඩේ කරගන්න පුලුවන්. මේකෙ තියන වැදගත්ම දේ තමයි මේ පරිපතය 0.35Vක් වගේ ඉතාමත් අඩු වෝටීයතාවකදිත් ඉතාමත් හොදින් වැඩකරන එක. ඒකනිසා අපේ ගෙවල්වල බැටරි දාල වැඩකරන අනිත් විදුලි උපකරන වැඩකරන්න බෑ බෑ කියල අයින් කරන බැටරි වලිනුත් මේක නියමෙට වැඩකරනව. ඉලෙක්ට්‍රෝනික් ලොකෙදිනම් මේ ජාතියේ සර්කිට්වලට කියන්නෙ Blocking oscillator කියල. සමහර අයනම් මේකට joule thief කියලත් කියනව. මෙන්න මේකයි සර්කිට් එක.




 මේකට ඕනකරන ලට්ට ලොට්ට ටික ‍හොයාගන්න නම් හරිම ලෙසියි. වාසනාවකට ඕනම NPN ට්‍රාන්සිස්ටර් එකක් මෙක හදන්න ගන්න පුලුවන්. ඒක හින්ද පරන ඕනම සර්කිට් එකකින් මේකක් කැත නැතිව ගලවගත්තැකි. 1k එකත් ඒ වගේම ලේසියෙන් හොයාගත්තැකිනේ. එතකොට මොකක්ද මේ ට්‍රාන්සෆෝමර් එකක් වගේ එකක් තියෙන්නෙ? ආ ඒකත් අතින්ම ඔතාග්න්න වෙනව. බයවෙන්න එපා ඒක ඊසිම ඊසි කෙස් එකක්. මෙහෙමයි, මුලින්ම පුන්චි ෆෙරයිඩ් රොඩ් එකක් හොයාගන්න ඔන. පිච්චුන CFL බල්බ් එකක් හොයගන්න පුලුවන්නම් ඒකෙන් මේක ගලවගන්න පුලුවන්. ඊලගට 15cm විතර දිග සර්කිට් වයර් කෑලි දෙකක් අරන් වයර් එක උඩ එක නොයන විදියට පරිස්සමෙන් ෆෙරයිට් එකේ ඔතාගන්න ඕන. වැදගත්ම දේ තමයි මේක සර්කිට් එකට සම්බන්ද කරනකොට අග්‍ර මරුකරගන්නෙ නැතිව සම්බන්දකරගන්න ඕන. නැත්නම් වැඩේ අලවෙනව.



වයර් එක ඔතල ඉවර උනාම සාමාන්‍යයෙන් පටන් ගත්ත කොනයි ඉවරඋන කොනයි තියෙන්නෙ ෆෙරයිට් එකේ දෙපැත්තෙ මෙන්න මේ විදියට. පාට දෙකක වයර් පාවිච්චිකරනතරමට වැඩේ ලේසියි. දැන් ෆෙරයිට් එක ඔතන්න පටන්ගත්ත පැතතෙ එක වයර් එකක එක කෙලවරකුයි ඉවරකරපු පැත්තෙ අනිත් වයර් එකේ කොනයි එකුකරල පාස්සගන්න ඕන.


 ඉතිරි හරියනම් ගේමක් ඇත්තෙම නෑ. ට්‍රාන්ස්සිස්ටර් එකේ එමිටර් එක LED එකේ - අග්‍රයටත් කලෙක්ටර් එකට LED එකේ + අග්‍රයත් බේස් එකට 1k ප්‍රතිරෝදයත් පාස්ස ගන්න ඕන. ඊලගට අපි ඔතාගත්ත පුංචි ට්‍රාන්ස්ෆෝමර් එකේ දෙකක් එකතුකරල පාස්සපු එක නෙවෙයි ඉතිරි අග්‍ර දෙකෙන් එකක් 1k ප්‍රතිරෝදයේ අනික් පැත්තටයි ඉතිරි වයර් එක ට්‍රාන්ස්සිස්ටර් එකේ කලෙක්ටර් එකටයි පාස්ස ගන්න. එමිටර් එකටත් පොඩි කලු වයර් කෑල්ලක් පාස්ස ගමුකෝ. දැන් 1.5V බැටරියක් අරන් ට්‍රාන්ස්ෆෝමර් එකේ දෙකක් එකතුකරල පාස්සපු තැනට + පැත්තත් එමිටර් එකට පාස්සගත්ත පොඩි කලු වයර් කෑල්ලට - පැත්තත් තියල බලන්නකො. වැඩේ ගොඩ නේද?



 මේකට White LED පහක් හයක් දාල කාමරේ සිවිලිමේ හයිකරන්න, ගමකට එලිය තියනව. ආය කරන්ට් ගියාම කලු‍වරේ ඉන්න ඕනනෑ. බය නැතිව හදිසියකට ගෙදර රිමෝට් එකක බැටරියක් උනත් ගලවලා දාගත්තැකි. මේකට ගන්නෙ ගොක්ම අඩු කරන්ට් එකක් නිසා ආත්මෙකට බහින්නෙනෑ.

ඔයාලත් මේක අත්හදා බලල මොකද උනේ කියල කමෙන්ට් එකකුත් දාන්නකෝ...

9 comments:

  1. Sira, Hadalama Balanna One. Thawa Oya Widihe ewa tikak danna.

    ReplyDelete
  2. නියම වැඩක් කරල බලන්න ඕනේ....

    ReplyDelete
  3. පට්ට මමත් මේක කලින් හදලා තියනවා එලටම වැඩ මම නම් දැම්මේ D400. මගේ බ්ලොග් එකෙත් තියනවා.. ජයවේවා...!

    ReplyDelete
  4. තෙරුවන් සරණයි
    මම අම්පාරේ ස්වාමීන් වහන්සේ නමක්.
    පුළුවන්ද මීටර් 500ක් පමණ දුරට විකාෂය වන ටී.වී ට්‍රාන්ස්මීටර් එකක් හදලා දෙනන කවුරු හරි කමක් නෑ මගේ දුරකථනයට කථා කරන්න 0787262895

    ReplyDelete
    Replies
    1. හදන ට්‍රාන්ස්මීටර් වල අව්ල් තියනවා සමින් වහන්ස, ebay එකෙන් ගෙන්න ගන්න පුළුවන්. සමනය විදියට හැදුවොත් ගෝෂා ඇති වෙනවා නියත සන්කයතයක වැඩ කරන්නේ නැහැ. PLL FM transmitter ට්‍රාන්ස්මීටර් එකක් නම් හොදට වැඩ කරනව්. පහල ලින්ක් එකේ තියන ට්‍රාන්ස්මීටර් එක වගේ එකෙක් ගෙනුවොත් නම් TRC එකට අහුවෙන එකක් නැහැ.


      https://www.ebay.com/itm/Assembled-5W-Stereo-PLL-FM-Transmitter-Max-7W-Power-frequency-Radio-Station/132271929198?epid=871301156&hash=item1ecc05776e:g:3GYAAOSwu~ZZdfOk

      Delete