නමුත් ඔයගෙල්ලො දැනටමත් දන්නව ඇති බොහෝ දුශ්කර ප්‍රදේශවලත් නාගරික ප්‍රදේශවලත් ඇතැම් පුද්ගලයින් සූරයය කෝෂ භාවිතා කරල තමන්ට අවශ්‍යය විදුලිය නිපදවාගන්නා බව. කොහොම උනත් ඉතින් මේ විදුලිය නොමිලේ උනාට ඒ සදහා භාවිතාකරන උපකරන සහ තාක්ෂණය වෙනුවෙන් මූලිකව රුපියල් විසි තිස් දාහක් වියදම් කරන්නනම් සිදුවෙනව. හැබැයි මම මේ ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නෙ රුපියල් සීයකින් වගේ ඉතා සුලු මුදලක් වියදම් කරල වදුලිය නිපදවාගන්න පුලුවන් ක්‍රමයක්. මේ ක්‍රමෙන් විශාල විදුලියක්නම් නිපදවගන්න බැහැ. ඒත් මේ විදුලියෙන් LED බල්බ් එකක් (ආලෝක විමෝචක දියොඩ) පත්තුකරන්න, ජංගම දුරකතනය නැවත ආරෝපනය කරගන්න වගේ වැඩක් කරගන්න පුලුවන්.
ඔයගොල්ලො අහල තියනවද විද්‍යුත්චුම්බක තරංග ගැන? සරලවම කිව්වොත් විද්‍යුත්චුම්බක තරංගයක් කියල කියන්නෙ විද්‍යුත් සහ චුම්බක ක්ශේත්‍රයක් මූර්ජනය කරල හදපු තරංගයකට. රූපවාහිනී යන්ත්‍ර ,ගුවන් විදුලි යන්ත්‍ර සහ ජංගම දුරකතන වගේ උපකරනවල සංඤා හුවමාරුවට භාවිතාකරන්නෙ මේ විද්‍යුත්චුම්බක තරංග තමයි. ඒ කියන්නෙ අපි අවට අවකාශයේ ඕනෑතරම් මේ විද්‍යුත්චුම්බක තරංග තියනව. ඉතිං අපිට පුලුවන්නම් මේ විද්‍යුත්චුම්බක තරංග යම් උපකරනයකින් ග්‍රහනය කරල විද්‍යුත් ක්ශේත්‍රය වෙන්කරගන්න අපිට විදුලිය ලබාගන්න පුලුවන්. ඒක කරන්න පුලුවන් උපකරනයක් හදාගන්න හැටි තමා මම මේ කියල දෙන්න යන්නෙ.
මෙන්න මේකයි ක්‍රමේ...
ඕනකරන ලට්ට ලොට්ට
C1, C4 0.1uf - 4 (හෝ 0.2uf 2ක්)C5, C6 100uf - 2
D1, D4 1N34 - 4 (Germanium Diode)
මෙ බඩු ටික තමයි අපේ වැඩේට ඕන කරන්නෙ.මේවට අමතරව අඩි 50ක් විතර දිග කොයිල් කම්බියකුත් ඕනවෙනව. වැඩ නොකරන පරන ට්‍රාන්ෆොමර් එකකින් මේ කම්බිය ගන්න පුලුවන්. ඒක මොකටද කියල පස්සෙම කියන්නම්කො. 0.1uf, 100uf කියන ධාරිත්‍රකනම් ගෙදර තියන පරන කැඩුනු ඕනම ඉලෙක්ට්‍රෝනික උපකරනයකින්ම වගේ ඔයාලට හොයාගන්න පුලුවන් වේවි. හැබැයි හොද තත්වෙ ඒව වෙන්න ඕන. මේවගෙ වෝල්ටීයතාවන්නම් ඒතරම් වැදගත් නෑ. 1N34 කියන ජර්මේනියම් ඩයෝඩය තමයි ටිකක් හොයාගන්න අපහසු. මොකද දැන් ජර්මේනියම් ඩයෝඩ වෙනුවට සිලිකන් ඩයෝඩ තමයි භාවිතා කරන්නෙ. ඔයාලට පුලුවන්නම් පරන ට්‍රාන්සිස්ටර් රේඩියො එකක් හොයාගන්න ඒව ඇතුලෙනම් මේ ඩයොඩ තියනව. මිලදීගන්නත් නැත්තෙම නෑ. තව ඊයම් ටිකකුයි බව්ත් එකකුයි ඕන. වොට් 40ක විතර බව්ත් එකක් භාවිතාකරනවනම් හොදයි. එතකොට උපකරන අනවශ්‍යය විධියට ගොඩක් රත්වෙලා දැවීයන්න කලින් ඉක්මනින් පාස්සාගන්න පුලුවන්. දැන් ඉතින් තියෙන්නෙ පරිස්සමට නිවැරදිව පහත තියෙන පරිපතය හදාගන්න එකයි.
මතකයිනෙ මම මුලින් කිව්ව අඩි 50ක විතර කොයිල් කම්බියක් ඕන කියල. මෙන්න මේ කම්බියේ එක කොනක් අඩි 40ක් විතර උසකින් ගැටගහගන්න ඕන. ඒක තමයි අපේ ඇන්ටෙනාව. ගහක ගැටගහනවනම් කෙලින්ම ගහේ ගැටගහන්න එපා. පොලිතීන් කොලයක් වගේ දෙයක් තියල ගැටගහන්න. මොකද අපේ ඇන්ටෙනා වයරය කොයිම මොහොතකවත් භූගත නොවී තියෙන්න ඕන. ඒ වගේම තමයි කොයිම මොහොතකවත් ප්‍රධාන විදුලි රැහැන් තියන අසලකින් ඇන්ටෙනා වයර් එක අදින්න එපා. අත්වැරදීමකින් හරි ඇන්ටෙනා වයරය විදුලි රැහැනකට වැටුනොත් විශාල අනතුරක් වෙන්න පුලුවන්. ඇන්ටෙනා වයරයේ අනිත් කෙලවර පරිපථයේ ඇන්ටෙනාව කියන තැනට සම්බන්දකරගන්න. ඊලගට මතක ඇතුවම භුගත කිරීම කරන්න ඕන. මේකට ඇලුමීනියම් හරි තඹ කූරක් හරි හොද සන්නායකයක් අඩියක්වත් පොලව යටට ගහල භුගත වයරය ඒකට සම්බන්ද කරගන්න.
ඔන්න දැන් ඔයාලට පරිපථයේ +,- අග්‍ර වලින් නොමිලේම විදුලියලබාගන්න පුලුවන්. ඔයාලත් හදලම බලන්නකෝ. මොකද උනේ කියල මටත් කියන්න අමතක කරන්න එපා හොදේ.
hondayi ayi liyanne naththe?thawa liyanna
ReplyDeleteගොඩක්ම ස්තූතියි අදහස් වලට. විවෙකයක් ලැබෙන හැම වෙලාවකම අලුත් දෙයක් ගේන්නම්කො... ඔන්න දැම්ම OLED ගැන ලිපියකුත්. ඒකත් බලන්නකෝ.
Deleteniyamai ayye thawa aluth dewal liyannako
ReplyDeleteniyamai malli
ReplyDeleteමල් 7යි මමත් ට්‍රයි කරන්න ඕනි...
ReplyDeletemachan meka wada karana hatith damma nam hodai neda...ai mehema wenne kiyala...electronic walin...igena ganna dekuth ekkama? puluwan nam post ekakin dannako kohomada meka wenne kiyala. 4weni kande Si and Ge wala diod wala wenasa physics walin (A/L syllabus ekata wada gamburin) ai awarthe wenasin mekata balapanne? ane plsss puluwan nam mata kiyala denna....
ReplyDeletelahirukarunarathna@gmail.com email 1k hari danna.....
machn meka wenne kohomada kiyala kiyala denna? ekath post ekak danawa nam igena gannath puluwan.... 4weni kande Si and Ge walin awartheka wenasin mekata balapana hati?ai Si eka bari kiyala.....physics + Electronic walin? (A/L syllabus ekata wada advanced karala kiyala denna puluwan nam loku udawwak)
ReplyDeletelahirukarunarathna@gmail.com
karala balannam godak thanks
ReplyDeleteමරැ ඇැැැැැැැ නියමයි ඔහොම යන්
ReplyDeleteහෙන වදින තරමට පවු කරපු අය මේ වැඩේ කරන්න එපා
ReplyDeleteniyamai meka wadi dunu karala wadi widuliyak nipadawanna bari wena ekak naha neda
ReplyDeletemama hithana widiyata nam SI natiwa GE diode use karanne eke wada karanna ganne 0.2v walin but SI wada karanna ganne 0.6v walin eka nisa wenna ona.. :D
ReplyDeletetawath deyak keyanna ona. oka wada karanawa tama.. but oka tiyanna ona signal transmeet karana tower ekak laga nattam oken ona voltage ekaei amp ekaei ganna ba.. api tec ekedi 6v light ekak pattu kara eth transmetter eka laga idan 1m witara durata witaraei wada kare,, oka piratical use karanna amaruei..
ReplyDeleteලංකාවේ දැනට පවතින නීතිය අනුව මේ ඇටවුම high-tension කුළුණු අසල හෝ මොනයම්ම විදුලි කම්බියක් යට ඇටවීම දඬුවම් ලැබිය හැකි වරදකි.
ReplyDeleteSupiri.kohomada wenne pahadili kirimak one
ReplyDeleteලගදි post මොනවත් දානය නැද්ද ලට්ට ලොට්ට කාමරේ කවුරුත් නෑ වගේ
ReplyDelete